සහෝදර බැදීම
ඔබට උපන් සෙනෙහස රැදී තිබේ මා හද පතුලේ
පැවසීමට වදන් නොමැත ඔබට නොහැක වටහා ගැනුමට
මගේ පනයි ඔබ මගෙ සුදු නංගෝ
හැමවිට රිදවයි මා ඔබගේ ඔය පුංචි සිත
ඔබ හා රණ්ඩු වී බැන ගනියි හැමවිට
එනමුදු වෙනස් නොවේ අප අතර පවතිනා මේ
ආදරණිය බැදීම......
ඔබයි මා හැමදේම අප අතර නොපවතී කිසිඳු රහසක්
යෙහෙළියක් මෙන් ඔබ මා වෙත සමීප වී
පවසයි ඔබගේ හැමදෙයක්ම
වරදක් සිදු වුණා නම් දැන හෝ නොදැන
දෙනු මැන ඔබෙ ආදර අක්කාට සමාව
ආදරෙයි මගෙ නංගියෝ හැමදාමත්
රැක ගනිමි ඔබව මගේ පන මෙන්
කෙතරම් බැදීම් පැවතුනද
සදාකාලිකයි අපගේ සහෝදර බැදීම.....
*දුලා -

No comments:
Post a Comment