Wednesday, April 11, 2018

විදු මවුනි

විදු මවුනි 

තවම මතකයි අද වගේ මට 
අම්මගේ සුළගිල්ලේ එල්ලිලා 
පුංචි සපත්තු දෙකෙන් 
විදු මවු තුරුලට පිය නැගූ හැටි 
ගුරු මෑණියන් මා හිස පිරිමැද
ආදරෙන් මා වැළදගත් හැටි 
මගේ ලෝකේ අලුත් වුණා
කාලයත් සමග වෙනස් වුණා  

වසර දහතුනක් ඔබ තුරුලේ ගෙවූ කාලය 
සිහිවෙයි අදටත්,අමතක කරනු නොහැකි ඒ මතකය 
යලිත් උදාවේනම් එම කාලය 
යලිත් පැමිණෙන්නෙමි ඔබේ තුරුලට 
සිටිද්දී ඔබ තුරුලේ නොදැනුනි ඔබේ සෙනෙහස 
හැරගිය පසු දැනෙයි මෑණියනි ඔබේ ගුණ කද

සදාදර විදුහල් මෑණියනි 
අවසරයි මම සමු ගන්නම් 
සදාකාලික මතකයක් වී 
වැජබේවි ඔබ හද පතුලේ 
දිනේවා විදු මෑණියනි සදාකල්....
                                                          -දුලා*

No comments:

Post a Comment