Thursday, March 15, 2018

ආදරයේ උණුහුම

ආදරයේ උණුහුම 


නොසිතු මොහොතක මගේ දිවියට ආ 
පළමු පෙමයි ඔබ මගේ රත්තරනේ 
ආදරයේ උණුහුම නොදන්නා දිනයක
එය වින්දේ ඔබගෙනි මගේ රත්තරනේ 

උගත්තා බොහෝ දේ ඔබෙන් 
අමතක කරනු නොහැකි ඒ වදන් 
ඔබ කියූ රස කතා වල 
රසය විදීමට ආසයි හැමදාමත් 

මගේ ජීවිතයේ දෙවැනි අප්පච්චි ලෙස 
හැමවිට දුන්නා  පිය සෙනෙහස 
ඔබේ සුදු දෝණිය වෙත 
ආදරෙයි මගේ අප්පච්චි හැමදාමත් 

බැන්නත්  ඔබ ඉදහිට  ඒ වරදටමයි 
පොඩි දේටත් කේන්ති ගන්නේ  ඒ ඇති  ආදරයටමයි 
එනමුදු ඔබ ළග රැදී සිටින්නේ සසර පුර ආ බැදීමටයි 
අපි දෙන්නගේ ආදරේ මහත්තයෝ මුළු සංසාරෙටමයි 

                                                                                                                       -දුලා*      

No comments:

Post a Comment