Thursday, March 15, 2018

ගුරු තරුව ඔබයි


ගුරු තරුව ඔබයි

පොවා සිප් කිරි 
 දහදිය  බිඳ හෙලා
සෙනෙහසින් ලද උරුමයෙන් 
ජීවිතය ඔපවත් කල
මිණි පහන ඔබයි 
ගුරු පියාණෙනි....


විදු නැණ ඉක්මවා 
දවසක ජීවිතය දිනන්නට 
නුබෙන් ලද ගුරුහරුකම් 
මහමෙරකි ගුරු පියාණෙනි..

දැනුමින් මගේ ලෝකය එලිය කල 
නුබයි ජීවන වෘක්ෂය 
පෝෂණය කල මුදුන් මුල 
සදා ණය ගැතියි 
ඔබ හට ගුරු පියාණෙනි...
-දුලා* 

No comments:

Post a Comment