Thursday, March 8, 2018

මව් සෙනෙහස

මව් සෙනෙහස 

මා මෙලොවට බිහිකල මගේ සුදු අම්මේ
ලේ කිරි කර  පොවා මා ඇති දැඩි කල අම්මේ 
සිප් සතර දී මා යහමග යැවු අම්මේ 
සැමදා ඔබේ පා යුග වදිනෙමි අම්මේ 

⁣⁣ලෙඩ දුක් ඇති වු විගස 
රැගෙන දුවයි මා රෝහල වෙතට
සුවයක් ලැබෙන තුරු නැත ඉවසිල්ල
සදා ණය ගැතියි මගේ සුදු අම්මාට

ගෙදර බුදුන් යැයි බුදු හිමි දෙසු අම්මේ 
ලොව ඇති මිහිරි වචනයයි ඔබ ආදර අම්මේ 
මගේ ආයුෂත් ගෙන ඔබ වැජඹෙනු අම්මේ 
මෙතේ බුදුන් දැක මතු බුදු වෙනු අම්මේ 

                                                                 -දුලා*

1 comment: